බොරතෙල් අවසන්. නැවතත් සපුගස්කන්ද වැසී යාමේ අවදානමක්.



ගෙන එන ලද බොරතෙල් තොග අවසන් වෙමින් ඇති නිසා මෙම 20 වැනිදා සිට නැවතත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවන බව තෙල් වරාය විදුලි සමග ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ නැවත බොරතෙල් ආනයනයට කටයුතු කර නැති නිසා දින නියමයක් නොමැතිව පිරිපහදුව වසා දැමීමට මෙවර සිදු වනු ඇති බවයි.

එවන් තත්වයකදී සංස්ථාවේ සේවකයන්ට වැටුප් හා දීමනා ගෙවීමට කෝටි දාසයක පමණ මුදලක් වැය කිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

Post a Comment

Previous Post Next Post